Loading...

විද්‍යුත් කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීම අද සිට

මඟී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම බැංකු කාඩ්පත් මඟින් අද (24) සිට ගෙවීමේ හැකියාව ලබාදීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මෙහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් නැවත ලබා නොදීම ආදී ගැටළුවලට විසඳුමක් ලෙස මෙලෙස බැංකු කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමේ පහසුකම ලැබෙනු ඇති.

ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබන අතර පළමු අදියර ලෙස මාර්ග 20ක පමණ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *