Loading...

පතිරණට සහ මදුශංකට එක්දින තරඟාවලිය අහිමි වෙයි

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මදුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර පතිරණගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බවයි.

ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා ඇති බව සඳහන්.

ඊට අමතරව කුසල් ජනිත්, ප්‍රමෝද් මදුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේව ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක් කර තිබෙනවා.

තරඟ තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරඟාවලියේ පළමු තරඟය හෙට (02) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *