Loading...

හිරු පලකළ අසත්‍ය පුවතක් ගැන පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

10 වන පාර්ලිමේන්තුවේ අද (21) රැස්වූ අවස්ථාවේදී ඇති වූ සිදුවීමක් පිළිබඳව අසත්‍ය පුවතක් පළකරන ලද හිරු ආයතනය සම්බන්ධව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ අද (21) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ පුටුවෙහි හිඳගත් මාලිමාවේ මන්ත්‍රී තුමා ලෙස එම ආයතනය ව්‍යාජ පුවතක් පළකර ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන කණ්ඩායම් අංක 17 යටතේ තරඟ වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ රාමනාදන් අර්චුනා මහතා මෙලෙස විපක්ෂ නායකවරයාගේ අසුනේ හිඳගෙන සිටි බවත් එම සිද්ධියට ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් කිසිවෙකු සම්බන්ධ නොමැති බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ නිසා මාලිමාව පිළිබඳව සිදුකරගෙන හිරු මාධ්‍ය ජාලය ප්‍රචාරය කළ මෙම පුවත අසත්‍ය හා පදනම් විරහිත බව සියලු මාධ්‍ය ආයතන වෙත දන්වන ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන ලේකම් ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුත් ලිපියක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එබදු සාවද්‍ය වාර්තාකරණයන් නිවැරදි කරන ලෙසත් වගකිව යුතු හා නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් වෙනුවෙන් එක්වන ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින බවත්ය.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *