Loading...

තලේබාන් හමුදා මූලස්ථානයකට පාකිස්ථාන ගුවන් හමුදාව බෝම්බ හෙලයි

පාකිස්ථාන ගුවන් හමුදාව තලේබාන් හමුදා මුලස්ථානයක් වෙත බෝම්බ හෙලා තිබෙනවා.

මෙලෙස බෝම්බ හෙලා ඇත්තේ කාබුල්හි පිහිටි තලේබාන් මුලස්ථානයකටයි.

ඇෆ්ඝනිස්ථානය සහ පාකිස්ථානය අතර උත්සන්න වී ඇති දේශ සීමා සටහන් මධ්‍යයේ මෙම බෝම්බ හෙලීම සිදුව තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය මේ වන විට දේශ සීමා ගැටුමකට වඩා එහා ගිය විවෘත යුද්ධයක් බවට පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇෆ්ඝනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් යන නගර ඉලක්ක කර ගනිමින් පාකිස්ථාන මෙම ප්‍රහාර එල්ල කර තිබූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *