Loading...

මානුෂීය ආධාර ලබා දීමට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට පාකිස්ථානයට අවසර

මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරීමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබෙනවා.

දෙරට අතර ගුවන් අවකාශය භාවිතා කිරීම තහනම් කර ඇති පසුබිමක මෙම තීන්දුව ගෙන තිබීම විශේෂත්වයක්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙරට මානුෂීය හේතු සලකා බලමින් පාකිස්ථානයට තම ගුවන් සීමාව භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බවයි.

පාකිස්ථානය අදාළ ඉල්ලීම ඉදිරිපත් කර පැය 4ක් වැනි කෙටි කාලයක් තුළ මෙම අවසරය ඉන්දියාව විසින් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථානය මාධ්‍ය පසුගියදා වාර්තා කළේ සහන මෙහෙයුම් “ඉන්දියාවේ සහයෝගීතාවයේ අඩුව” නිසා බාධාට ලක්ව සිටින බවයි.

ඉන්දියානු ගුවන් අවකාශය භාවිතා කිරීමට අවසර ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සහන ගෙන යන යානා මෙහෙයුම් අඩාල වී ඇති බව ඔවුන් මෙහිදී චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ““ශ්‍රී ලංකාව සඳහා පකිස්තානයේ මානවීය සහනය ඉන්දියාව විසින් තවමත් අඩාල කරයි. ශ්‍රී ලංකාවට සහන ගෙන යන විශේෂ ගුවන්යානාවට අවශ්‍ය ගුවන් ගමන් අවසරය ලැබීමට පැය 60කට වැඩි කාලයක් රැඳී සිටියි.

පසුගිය රාත්‍රියේ ඉන්දියාව විසින් පැය 48කට පසු ලබාදුන් අර්ධ-අවසරය ක්‍රියාත්මක වීමට නොහැකි විය. එය පැය කිහිපයකට පමණක් තිබූ කෙටි වලංගු කාලයක් සහිත අතර ආපසු ගමන සඳහා කිසිඳු අවසරයක් නොතිබීම නිසා අපගේ තීව්‍ර අවශ්‍ය සහන මෙහෙයුම දැඩි ලෙස බාධා විය.”

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව සඳහන් කළේ පකිස්තානයේ චෝදනා “හාස්‍යජනක” වන අතර “මෙය ඉන්දියාවට විරුද්ධව වැරදි තොරතුරු පැතිරවීමේ තවත් උත්සාහයක්” බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *