Loading...

ඕවන් කූපර් එමී සම්මාන උළලේ ලාබාලතම නළුවා සම්මානය දිනා ගනී

අමෙරිකාවේ පවත්වන ‘එමී සම්මාන උළලේ’ දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත්ව තිබෙනවා.

ඔහුට මෙම සම්මානය හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වූ ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහායි.

15 හැවිරිදි වියේ පසුවන ඕවන් කූපර් මෙම සම්මානය දිනාගැනීම සම්බන්ධව විදෙස් මාධ්‍යවල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මේ අතර මෙවර එමී සම්මාන උළලේ දී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොදම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *