Loading...

බම්බලපිටියේ සිට දෙහිවල වෙරළ තිරයේ අනවසර ඉදිකිරීම් සැප්තැම්බර් 10ට පෙර ඉවත් කරන්නැයි නියෝග

බම්බලපිටිය සිට දෙහිවල දක්වා වන වෙරළ තීරයේ පවත්වාගෙන යනු ලබන අනවසර සංචාරක හෝටල් ඇතුළු අනෙකුත් ඉදි කිරීම් ලබන සැප්තැම්බර් 10 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරන්නේ වෙරළ සංරක්ෂණ බලධාරීන් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි.

වෙරළ කලාපය තුළ පවත්වාගෙන යනු ලබන අනවසර ඉදි කිරීම් සහ ව්‍යාපාරික ස්ථානවලට එරෙහිව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.

නියමිත කාලසීමාවට පෙර මෙම අනවසර ඉදි කිරීම් ඉවත් කර ගැනීමට අපොහොසත් වන ස්ථානවලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් ඉදිරියේදී කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *