ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල වැඩි කරන ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ මෙම රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි.
මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් අද (02) පාර්ලිමේන්තුවට පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට නියමිතයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී අදහස් පළකරමින් බොහෝ දෙනා අදහස් දක්වා ඇත්තේ මෙවැනි පනතක් හදිසියේ ගෙන ඒමට ඇති අවශ්‍යතාව කුමක් ද යන්නයි.
දැනට ඇති බලතල යටතේ නිලධාරීන්ගේ වැටුප් අසීමිත ලෙස වැඩි කරගෙන අන්තනොමතික කටයුතු කරන අවස්ථාවක මහ බැංකුවට තවත් බලතල ලබාදීමෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සංශෝධන ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි.
Leave a Reply