Loading...

අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා.

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව සම්බන්ධ සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

මේ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අද (10) පාර්ලිමේන්තුවේ දී අත්සන් තබා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *