මෙරට ඉන්ධන ආනයනයේ දී බොරතෙල් බැරලයක් ඩොලර් 286ක මුදලකට මිලදී නොගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී ඔහු පැවසුවේ කිසිඳු අවස්ථාවක බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවයි.
බොරතෙල් රැගත් නෞකාවක් පසුගිය මාර්තු 11 මස වනදා මෙරටට පැමිණි බවත් එහි මිල වූයේ බැරලයක් ඩොලර් 66.96ක් බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
එම සංස්ථාවේ සභාපතිවරයා කියා සිටින්නේ ඉන් අනතුරුව අද (17) දිනයේ බොරතෙල් නැවක් දිවයිනට ළඟා වීමට නියමිත අතර එහි මිල ඩොලර් 71.99ක් බවයි.
කෙසේ වෙතත් බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් ඩීසල් මිලදී ගැනීමේ දී ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූ බවත් ඩී. ජේ. රාජකරුණා මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මැදපෙරදිග ගැටුම් මිලද සීඝ්‍ර ඉහළ ගිය බවත් මේ හේතුවෙන් ඩීසල් මිලදී ගැනීමේ ඩොලර් 288 සිට ඩොලර් 303 දක්වා මුදලකට මිලදී ගැනීමට සිදුවූ බවත්ය.
“අපි බොරතෙල් බැරල් එකක් කිසිම අවස්ථාවක ඩොලර් 286ට අරන් නෑ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සේ අපිට තෙල් නැවක් ඇවිත් තියෙන්නේ 3 වෙනි මාසේ 11 වැනිදා මර්බන් කෘඩ් එකක් ඒකේ බැරල් එකක් වුණේ ඩොලර් 66.99 ඊට පස්සේ අද තමයි බොරතෙල් නැවක් එන්නේ ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ බැරල් එකක් 71.99යි. එතකොට ඉතා පැහැදිලියි බොරතෙල් මිලදී ගැනීමක් ඔය කියන ගණන්වලට අරගෙන නෑ. මම හිතන්නේ මෙතන ගැටලුව මතුවෙලා තියෙන්නේ HSBC ප්‍රධාන විධායක නිලධාරීතුමා කරපු ප්‍රකාශයක්. එක්කෝ ඒක වරදවා තේරුම් අරගෙන මාධ්‍ය වැරදි විදිහට ඒක ප්‍රචාරය කරලා තියෙනවා නැත්නම් හිතාමතා ප්‍රචාරයක් කරලා තියෙනවා. අපි දැන් හොයලා බැලුවාම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා එතුමන්ලා කියලා නෑ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නේ තෙල් මිලදී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒ නිසා මේ ප්‍රචාර කිරීමෙන් රටේ යම් කැළඹීමක් ඇතිවෙනවා…
ලෝක වෙළෙඳපොලේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා අපි ඒ ගත් ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩිම ගාන 242කට ගිහිල්ලා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා ඒකත් එක්ක මිල වැඩිවෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා.
ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක් ඒ ඇවිල්ලා තුන්වැනි මාසේ 31 ආපු නැව. ඊට පස්සේ ආපහු 4 වැනි මාසේ 7 වැනිදා ආපු නැවක් තියෙනවා ඒකට වෙලා තියෙනවා 288. 06ක් සුපර් ඩීසල්වලට 303.77ක්”







Leave a Reply