හදිසි තෙල් සංචිත ලෝක වෙළෙඳපොළට මුදා හැරේ
ලෝක වෙළෙඳපොලේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඉතා ඉක්මණින්ම මෙම තෙල් තොගය ලෝක වෙළෙඳපොළට පැමිණීම ආරම්භ වනු ඇති බවයි.
අමෙරිකාව සහ එක්සත් රාජධානිය ඇතුළු ලොව ධනවත්ම රටවල් 32කින් සමන්විත ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජිකයන් පසුගිය බදාදා මෙම තීරණයට එළැඹුණේ වර්ථමානයේ උද්ගතව ඇති අභියෝගවලට මුහුණ දීම සඳහායි.
මෙම මුදා හැරීම 2022 පෙබරවාරි මාසවල රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ අවස්ථාවේ එම ඒජන්සිය විසින් මුදාහළ වර්ගත තෙල් ප්‍රමාණය මෙනම් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.
මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ දිනට සාපේක්ෂව දැනට ලෝක වෙළෙඳපොලේ තෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මෙම හදිසි සංචිත මුදා හැරීම හරහා ඉහළ යන තෙල් මිල පාලනය කිරීමට බලධාරීන් අපේක්ෂා කරනවා.
ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව නවතා දමයි
සියලුම මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ ගින්නක් හට ගැනුණා.
ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මෙම ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් වාර්තා නොවූ අතර ගින්න මැඩ පැවැත්වීමට ගුවන් තොටුපොළේ සේවකයන් කටයුතු කර තිබුණා.
තවද තම ගුවන් ගමන් පිළිබඳව නවතම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස ද සංචාරකයින්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
හෝමූස් විවෘත කරන්න සහාය වෙන්න – ට්‍රම්ප්ගෙන් මිත්‍ර රටවල්වලට ආරාධනාවක්
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉරානය විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල් සහාය දක්වන්නේ නැත්නම් නේටෝ සංවිධානය ඉතා නරක අනාගතයකට මුහුණ දෙනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
ඔහු පවසන්නේ අමෙරිකාව මෙතෙක් කල් සිය යුරෝපීය මිත්‍ර රටවල් සමඟ ඉතා සුහදශීලි කටයුතු කළ බවයි.
එම සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ කණ්ඩායම් ප්‍රයත්නයක් සඳහා සඳහා එක්වන ලෙස ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව, චීනය සහ එක්සත් රාජධානියෙන් ඔහු ඉල්ලීමක් සිදුකර දිනකට පසුව ට්‍රම්ප් මෙම අදහස් දැක්වීම සිදුකර තිබෙනවා.
ලෝකයේ කාර්ය බහුලම තෙල් නැව් ගමනාගමනය මාර්ගය ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය සැලකෙනවා.
එය ගෝලීය තෙල් සැපයුමෙන් දළ වශයෙන් 20%ක් පමණ ප්‍රවාහනය සිදු කරන්නේ ද මෙම මුහුදු තීරය හරහායි.
අබුඩාබියට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියයයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ වාහනයක් මතට මිසයිලයක් පතිත වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
CNN පුවත් සේවය සඳහන් කරන්නේ එරට වේලාවෙන් අද (16) පෙරවරු 11ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
අල් බහියා (Al Bahyah) ප්‍රදේශයේ ගමන් කළ සිවිල් වාහනයක් මතට මෙම මිසයිලය පතිත වී ඇති බව වාර්තා වනවා.
මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ පලස්තීන ජාතිකයෙකි.
එම මිසයිලය ගුවන් ආරක්ෂක පද්ධතිය මඟින් අතරමඟදී විනාශ කරන ලද්දක් ද නැත්නම් එය සිය ඉලක්කයටම සෘජුවම පතිත වුවක් ද යන්න මෙතෙක් නිල තොරතුරු වාර්තාවක් වී නැහැ.
අබුඩාබි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එල්ල වී ඇති මිසයිල තර්ජනයක් මැඩපැවැත්වීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
තවද ජනතාවට ආරක්‍ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බව සඳහන්.








Leave a Reply