ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ගෝලීය ඉන්ධන මිල ද ගණන් පහත වැටී තිබෙනවා.
මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2.69කින් හෙවත් 3.76% ඩොලර් 68.79ක් දක්වා පහත වැටී ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අගය ජුනි 11 න් පසු බොරතෙල් බැරලයක් අවම මට්ටමට ළඟා වූ පළමු අවස්ථාව මෙය බවයි.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාය කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාවරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව 3%ක මිල ඉහළ යාම සමඟ බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණා.
මේ අතර පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් පිළිබඳව ඉදිරියේ දී අර්බුධකාරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එම සංස්ථාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ පවතින අර්බුදකාරී තත්ත්වය උද්ගත වුවහොත් ඇතිවන වාතාවරණය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර් ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.
පැනනැගී ඇති ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම ලබන අගෝස්තු සහ සැප්තැම්බර් මසදී එල්ල වීමට හැකියාව ඇති බවද ඔවුන්ගේ පුරෝකථනවල පෙන්වා දෙනවා.
මේ අනුව සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇති වුවහොත් ඊට පිළියම් ලෙස නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරික්ෂා කරවීමටත් එම සංස්ථාව අදහස් කර තිබෙනවා.
මේ අතර මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අද (24) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොලහි කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 248000ක් ලෙස දැක්වුණා.
පසුගිය ජුනි 13 වනදා එය දැක්වුණේ රුපියල් 250600ක් ලෙසයි.
මේ අතර රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පසුගිය ජූනි 13 වන රු. 271,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 268,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි.








Leave a Reply