සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය 10 වනදා නිලධාරීන් වෙත නැවත භාර දී තිබෙනවා.
ඊට අදාළ ලිපි ලබන 21 වනදා භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටළුවක් මත ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරනු ලැබුවා.
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරිය මේ දක්වා රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියළු දේපල නැවත රජයට භාර දීමට සිදුවනු ඇති.
Leave a Reply