අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය කිරීම සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙලෙස විකෘති කර ඇත්තේ රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයකි.
එම ගීතය ඔකපතන විද්‍යාලය නමින් පවත්වාගෙන යන Facebook පිටුවක් මඟින් පළකර තිබුණා.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා කියා සිටියේ විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහරි පුද්ගලයින් සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන මෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබාදී දුන් බවයි.
මේ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Leave a Reply