අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක සහ හසලක ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක සිදුවූ අක්‍රමිකතාවන් සම්බන්ධව මෙම පැමිණිල්ල සිදු කරන බවයි.
විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සුක්ෂම අයුරින් භාවිතා කරමින් ඊයේ (09) ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්‍රය ඡායාරූප ගතකර වෙනත් පාර්ශව වෙත එය යොමු කර පිළිතුරු ලබා ගැනීමට උත්සාහ කර ඇති බවද වාර්තා වනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම අවස්ථාවේදී විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් එම ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථානවල පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
Leave a Reply