Loading...

දැන් අපිට ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද වන විට ජනාධිපතිවරණයය තරඟ කිරීම සඳහා අපේක්ෂකයන් කිහිපදෙනෙක්ම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වෙතැයි කියූ පක්ෂයකට අද වන විට ජනාධිපති අපේක්ෂකයන් එතරම් ප්‍රමාණයක් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඒ මහතා පවසන්නේ ගත වූ වසර දෙක තුන තුළ පක්ෂය විශ්වාස කරමින් පාක්ෂිකයන් පක්ෂය සමඟ එකතු වී සිටින බවයි.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සිටින බවත් ඒ අපේක්ෂකයා කවුද යන්න මෙතෙක් පක්ෂය තීන්දු කර නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *