මැයි මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
එම සමාගම පවසන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බවයි.
මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිළ ගණන් වලංගු වනු ඇති.
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910යි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890යි.







Leave a Reply