Loading...

නිකලොස් මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලොරස් අද (05) පළමු වරට එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු විසින් පසුගියදා 3 වනදා කරකාස් අගනුවර සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමකින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ලැබුණා.

මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කුමන්ත්‍රණ සිදු කිරීම, ආයුධ සහ විනාශකාරී උපකරණ ළඟා තබා ගැනීම සහ එම ආයුධ මඟින් අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණ සිදු කිරීම යන චෝදනා මත මධුරෝ සහ ඔහුගේ බිරිඳට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

මේ අනුව අදාළ නඩුව මැන්හැටන්හි පිහිටි ෆෙඩරල් අධිකරණයේදී අද දහවල් කාලයේදී ආරම්භ වීමට නියමිතයි.

එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් කේ. හෙලර්ස්ටයින් විසින් මෙම නඩු විභාගය මෙහෙයවනු ලබන බව සඳහන් වනවා.

එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ චෝදනා කරන්නේ මධුරෝ සහ අනෙක් වෙනිසියුලානු නායකයින් වසර 20කට වැඩි කාලයක් තිස්සේ කොකේන් එක්සත් ජනපදයට ආනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා ඔවුන්ගේ රජයේ තනතුරු භාවිතා කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *