ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකක් සඳහා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (14) පස්වරුවේ දිවයිනට පැමිණියා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරඟ දෙක පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළමු තරඟය එළැඹෙන 18 වන දින ආරම්භ වීමට නියමිතයි.
තවද 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් එදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය 26 වන දින ආරම්භ වීමට නියමිතව ඇති බව සඳහන්.
මෙම තරඟාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය – 2025 යටතේ මෙය
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය – 2025 යටතේ මෙය පැවැත්වෙයි.








Leave a Reply