Loading...

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට අලුතෙන් නීති

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු වන විට සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසියට අද (25) එක්වෙමින්.

විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඒ මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධව අදහස් ලබා ගනිමින් සියලු දෙනාට එකඟ විය හැකි නව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

තවද ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශී කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් පුනරුත්ථාපන කටයුතු සඳහා විධිමත් පුහුණු සංචිතයක් ගොඩනැගීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *