Loading...

නේටෝ හමුදා කණ්ඩායම් ග්‍රීන්ලන්තයට පැමිණෙයි

කුඩා ප්‍රංශ හමුදා කාණ්ඩයමක් තොරතුරු එක් රැස් කිරීමේ මෙහෙයුමක් සඳහා පසුගියදා ග්‍රීන්ලන්තයට පැමිණි ඇති බව වාර්තා වනවා.

මේ අනුව දැනටමත් ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල හමුදා කණ්ඩායම් විවිධ මෙහෙයුම් සඳහා ග්‍රීන්ලන්තයට පැමිණ තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මාක්‍රෝන් කියා සිටියේ තවත් බලඇණි එම කණ්ඩායමට එකතු වනු ඇති බවයි.

ග්‍රීන්ලන්තය යටත් කර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් අවධාරණය කර තිබෙනවා.

මෙවැනි වටපිටාවක නේටෝ සංවිධානයේ සාමාජික රටවල හමුදාවන් මෙලෙස ග්‍රීන්ලන්තයට පැමිණ ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *