Loading...

උසාවියට අපහාස කළාට ජාතික අධ්‍යාපන ආයතනයේ ලොක්කාට බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවම්

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල මෙහිදී නියෝග කර ඇති බව සඳහන්.

එම දඩ මුදල ගෙවීම පැහැර හැරිය හොත් අමතරව වසරක සිරදඩුවම් නියම කරන බවද එම නඩු තීන්දුවේ දැක්වෙනවා.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකළ බව චෝදනා කරමින් වගඋත්තරකරුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *