ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබෙනවා.
ඊට අමතරව අදාළ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටින SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකරද මෙම නඩුවෙන් නිදහස් කර ඇති බව ද වාර්තා වනවා.
සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධ පනත (ICCRP) යටතේ මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් පසුව ඔවුන්ව නිදහස් කිරීමට ද අධිකරණය නියෝගයක් කර තිබෙනවා.
නතාෂා එදිරිසුරිය විසින් කළ හාසම්‍යය ඉදිරිපත් කිරීමක් මත ඇයව අත්අඩංගුවට ගත් අතර එම වැඩසටහන සංවිධානය කළ චෝදනා කරමින් SL Vlog Youtube නාලිකාවේ හිමිකරු වන බෲනෝ දිවාකර මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
Leave a Reply