ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (22) පස්වරු 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මහජන ගෞරවය සඳහා දේහය හෙට (21) උදෑසන 10.00 සිට නුගේගොඩ, විජයබා මාවත, අංක 30 දරන ස්ථානයේ පිහිටි “නන්දා මාලනී සංගීත ආශ්‍රමය” වෙත තැන්පත් කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව හෙට උදෑසන 10.00 සිට සෙනසුරාදා පස්වරු 3.30 දක්වා මහජනතාවට දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව හිමිවනවා.
මේ අතර, නන්දා මාලනී මහත්මියගේ අවසන් කැමැත්තට ගරු කරමින් මෙම අවමංගල්‍ය උත්සවයේදී කිසිදු අවමංගල සභාවක්, ගුණකථනයක් හෝ රාජ්‍ය අනුග්‍රහයක් ලබා නොගන්නා බව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළා.








Leave a Reply