පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ Oxford ශිෂ්ය සංගම් දේශනය අවලංගු කර තිබෙනවා.
එම සංවිධායක මණ්ඩලය විසින් එම දේශනය අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ Oxford සිසුන් පිරිසකගෙන් ඊට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ලන්ඩන් සංචාරය අතරවාරයේ දේශන කිහිපයක් මීට පෙර සැලසුම් කර තිබුණා.
එම දේශනවල Oxford ශිෂ්ය සංගමය අද (23) ඇමතීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් Cambridge සංගමය ද පසුගියදා නාමල් රාජපක්ෂ මහතාගේ දේශනය අවලංගු කිරීමට කටයුතු කළා.








Leave a Reply