Loading...

පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

පවුලේ ඥාතීන් පවසන්නේ ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසර වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මියයන විට තෙවරප්පෙරුම මහතා 64 වන වියේ පසුවුණා.

මේ වන විට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ පවුලේ හිතවතෙක් සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා,

“ඔහුගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා.

නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා.

එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *