Loading...

,

කථානායකට එරෙහිව විශ්වාසභංගය න්‍යාය පුස්තකයට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් භාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.

අදාළ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා.

මේ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව විසින් එම යෝජනාව විවාදයට ගන්නා දිනය ඉදිරියේ දී තීරණය කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *