2025 සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 225748 දෙනෙක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවා.
ඇය මේ බව සඳහන් කළේ අද (20) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහිදී සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයින් ගණන 11790කි.
මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 7419 දෙනෙක් සියලුම විෂයන් අසමත්ව ඇති බවද කොමසාරිස්වරිය පැවසුවා.
තවද විද්‍යාව සහ ගණිතය විෂයන් සමත් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සඳහන්.
ඉන් විද්‍යාව විෂයට පෙනී සිටි සිසුන්ගෙන් 70.1%ක් මෙවර සමත්ව ඇති බවත් 2025 වසරේ එය 69.07%ක් පැවැති බවත් ඇය මෙහිදී කියා සිටියා.
තවද ගණිතය විෂය 72.03%කින් මෙවර සමත්ව ඇති අතර එය පසුගිය වසරේ එයද 71.06%ක තිබූ බව සඳහන්.
පළාත මට්ටමින් සමත් ප්‍රතිඵල අනුව වැඩිම පිරිසක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත්තේ දකුණු පළාතෙනි.
අඩුම සමත් ප්‍රතිශතය උතුරු මැද පළාතෙන් වාර්තා වනවා.
දකුණු පළාතේ සමත්වීම 75.56%ක් ලෙසද, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල 74.42%ක් ලෙසද, සබරගමුවේ 74.31%ක් ලෙසද, මධ්‍යම පළාතේ 73.98%ක් ලෙසද වාර්තා වී ඇත. ඌව පළාත 71.34%ක්ද, වයඹ 70.69%ක්ද, උතුර 70.00%ක්ද ලෙස ප්‍රතිශත සටහන් වී ඇති අතර උතුරු මැද පළාතේ එය 68.39%ක් බවද සඳහන් වනවා.
මේ අතර, 2026 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය එම වසරේ දෙසැම්බර් 8 සිට 17 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පවසනවා.
විභාග අයදුම්පත් ලබන ජූලි මාසයේ පළමු සතිය තුළ කැඳවීමට නියමිත බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply