Loading...

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ රැස්වීම ජනාධිපති ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

මෙහිදී පෙර පැවැති කාරක සභා රැස්වීම්වලදී එළැඹි තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලුවා.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම, මාර්ග විවෘත කිරීම සහ පාසල් පවත්වා ගෙන යාම ආදිය සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බොහෝ ගැටළු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඒවාට සාධනීය විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු වුණා.

මෙම කටයුතු සිදු කරගෙන යාමේ දී තවදුරටත් පවතින බාධා සහ ඊට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා වුණා.

මෙහිදී ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු, එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා වැඩිපුර පිරිස් යොමු කිරීම ආදී කරුණු පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *