Loading...

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ගැන ඇමති සුනිල් සෙනවි ගත් තීන්දුව

ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවකට අද (16) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම අවසන් එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වනවා.

මේ අනුව හෙට (17) දිනයේ නැකැත් සීට්ටුව මුද්‍රණය කර රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදීමට නියමිතයි.

2024 වසරේ දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැරීමෙන් පසුව මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත් කර නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *