කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධ ප්‍රකාශ මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා.
අදාළ ප්‍රකාශ පසුගිය වසරේ දෙසැම්බර් 26 වනදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත්ව ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අදාළවයි.
ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ නිශ්චල දේපල ලෙස තෑගි ඔප්පුවලින් හිමි වූ රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක්, රුපියල් මිලියන 56ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ඉදිරිපත් කර තිබෙනවා.
තවද උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් වර්ග අඩි 1500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් සිය නිශ්චල දේපල ලෙස ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ලාල් කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුත් පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක් වටිනාකමකින් යුත් මෝටර් රථයක් ද චංචල දේපල ලෙස ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලියක සුරැකුම් පත්ද ඔහු මිලදී ගෙන තිබෙනවා.
මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව අමාත්‍යවරයා වැටුප් මඟින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත් ලක්ෂ තිස් අටදහස් නවසිය දහ අටයි ශත දහසයක් සහ දේපල බදු දීමෙන් ලබන ආදායම ලෙස රුපියල් ලක්ෂ 4ක් සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසීයක මුදලක් ද දක්වා ඇති බව සඳහන්.
ස්ථාවර තැන්පතු හරහා වාර්ෂිකව උපයන ලද ආදායම ලෙස රුපියල් විසි හත් ලක්ෂ පනස් පනස්දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් ප්‍රකාශ කර ඇති අතර වත්මන් රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහ අට ලක්ෂයක් ද දක්වා තිබෙනවා.
මේ අනුව කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශිත වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් හතලිස් හය කෝටිය ඉක්මවනවා.







Leave a Reply