Loading...

විනිසුරු තීන්දුව නිසා අපතේ ගිය මිලාන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් මහා තරඟ සිහිනය

දුර්වල විනිසුරු තීන්දුවයි, මැදපෙළ පෙරහැරයි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් මහා තරඟ සිහිනය බොඳ කරයි

ආසියානු කුසලාන නැගී එන තරු විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා A කණ්ඩායමේ පිවිසීමේ සිහිනය ඊයේ (21) රාත්‍රියේ දී බොඳ වුණා.

ඒ ඊයේ (21) පැවැති තීරණාත්මක තරඟයේ දී පාකිස්ථාන A කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන්.

තරඟයේ පාකිස්ථාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 148ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ ආරම්භයේ සිට ප්‍රවේගකාරී පිතිකරණයක් දියත් කළ අතර ඒ හේතුවෙන් තරඟයේ පන්දුවාර 3යි 2කදී ක්‍රියාත්මක වද්දී කඩුලු 2ක් දැවී ලකුණු 45ක් රැස්කරගෙන ප්‍රබල තත්ත්වයක සිටියා.

කෙසේ වෙතත් අනපේක්ෂිත ලෙස ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමකට ලක් වුණා.

මේ හේතුවෙන් එක් අවස්ථාවක ලකුණු පුවරුව දැක්වූයේ පන්දුවාර 13යි පන්දු 2කදී පන්දුවාර ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 99ට කඩුලු 8ක් බිඳ වැටීමකට ලක්වුණා.

කෙසේ වෙතත් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමේ 9 වන කඩුල්ලට මිලාන් රත්නායක සහ ට්‍රැවීන් මැතිව් ලකුණු 47ක ගොඩනගා නැවත ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඔසවා තැබුවා.

ඔවුන් දෙදෙනාගේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 15ක් රැස්කරන තරමට ඉලක්කයට ශ්‍රී ලංකාව ළං වුණා.

අවසන් පන්දුවාරයේ දී හතරේ පහරක්ද එල්ල කළ මිලාන් සමත් පන්දු 4කින් ලකුණු 8ක් රැස් කරන තරමට ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් ජය දෙසට තල්ලු කරනු ලැබුවා.

කෙසේ වෙතත් කඩුල්ල මුවා කිරීමේ මතභේදාත්මක විනිසුරු තීරණයකින් ඒ වන විට පන්දු 32කින් ලකුණු 40ක් රැස්කරගෙන සිටි මිලාන්ට පිටියෙන් ඉවත් වීමට සිදුවුණා.

අදාළ විනිසුරු තීරණය පිටියේ නොලැබුණා නම් තරඟයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට වැඩි ඉඩක් තිබුණා.

මේ අනුව පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ අවසන් මහා තරඟයේ දී හමුවීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *