Loading...

ඕමානයේ දී අත්අඩංගුවට ගත් මිදිගම චූටි දිවයිනයට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුශංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් පිරිසක් විසින් අද (30) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ඔහු මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයක චෝදනාවට ලක්ව සිටියා.

මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණා.

සැකකරු ඕමානයේ සුපිරි හෝටලයක රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

අනතුරුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් අද (30) අලුයම 04.27 සලාම් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.

මෙරටට ගෙන ඒමෙන් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගැනුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *