Loading...

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘Mephedrone’ මත්ද්‍රව්‍ය සොයා ගනී

වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකින් පසුගියදා සොයාගත් මත්ද්‍රව්‍ය, මෙරටින් මෙතෙක් හමු නොවූ ඉතා දරුණු ගණයේ මත්ද්‍රව්‍ය වර්ගයක් වන Mephedrone නම් මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබෙනවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ එම ස්ථානයෙන් ලබාගත් පිළිබඳව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාවෙන් මේ බව හෙළිව ඇති බවයි.

වැලිගම පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 21 වනදා සිදුකළ වැටලීමකදී නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක් වටලා මොල්දෝවා ජාතික තරුණයෙක් අත්අඩංගුවට ගැනුණා.

එහි තිබී අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබූ බව සඳහන්.

පසුව එම සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබු බවද පොලීසිය පැවසුවා.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කියා සිටියේ එහි වාර්තාවට අනුව අදාළ මත්ද්‍රව්‍ය, අයිස් වැනි සෙසු මත්ද්‍රව්‍යවලට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යයක් වන මෙෆ‍ඩ්‍රෝන් නම් මත්ද්‍රව්‍යය බවට හෙළි වූ බවයි.

‘Mephedrone’ මත්ද්‍රව්‍ය මෙරටින් සොයාගෙන ඇත්තේ පළමු වරට බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *