Loading...

මුජිබර්ට යළිත් දියවන්නා වරම්

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සමඟ පුරප්පාඩු වන සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

මේ අනුව ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට නියමිතයි.

මුජිබර් රහුමාන් මහතා පසුගිය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *