Loading...

බාල ගල් අඟුරු ගැන විගණන වාර්තාවෙන් කරුණු රැසක් එළියට

ලක්විජය බලාගාරය සඳහ ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු මිලදී ගැනීමට අදාළ සහ 2025 / 2026 වාරය සඳහා ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධව විශේෂ විගණන වාර්තාවකින් හෙළිව තිබෙනවා.

මේ අනුව මෙරටට ගල් අඟුරු සැපයීමේ දී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති බව සඳහන්.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම් දීමක් මත විගණකාධිපතිවරයා මෙම වාර්තා ලබාදෙනු ලැබුවා.

අදාළ වාර්තාවෙන් වැඩිදුරටත් හෙළිව ඇත්තේ ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළකළ දිනය වන විට ටෙන්ඩරය හිමි වූ ට්‍රයිඩන්ට් සමාගම ලියාපදිංචිය හෝ සම්පුර්ණ කර නොතිබු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *