Loading...

දුරකථන සම්ප්‍රේෂණ කුළුනක කේබල් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

රඹුක්කන යටගම, තල්හේන්කන්ද ප්‍රදේශයේ පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුළුනක සවිකර තිබූ කේබල් සොරකමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොරකම් කරන ලද තඹ කම්බි කිලෝ 13කට අධික ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බවයි.

ඊයේ (09) මෙම සැකකරු රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *