අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පළ කරමින් අදාළ ප්‍රදේශයේ LTTE පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.







Leave a Reply