Loading...

මාලදිවයින් ජනාධිපති අද දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මයිසූ මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

2023 වසරේ දී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මොහොමඩ් මයිසූ මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මාලදිවයින ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන අතර ඔහු ලබන 06 වනදා දින තෙක් මෙරටට රැඳී සිටීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කරන්නේ සිය සංචාරයේ දී ඔහු දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

තවද දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 6කට ද අත්සන් තැබීම ද මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මයිසූ මහතාගේ මෙරට රාජ්‍ය සංචාරය හේතුවෙන් ද (03) සිට ලබන 06 වනදා දක්වා කොළඹ නගරයට ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *