යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීමත් සමඟ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් ඇතුළු සියලුම ගුරුවරුන් සඳහා ඉගැන්වීමේ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව පමණක් යම් පුද්ගලයෙකු අධ්‍යාපන පද්ධතියට සුදුසු ගුරුවරයෙකු ලෙස පිළිගන්නා බවයි.
එමෙන්ම දක්ෂ ගුරුවරුන් පද්ධතිය තුළ රඳවා ගැනීමේ අරමුණින්, ආචාර්ය උපාධියක් හිමි ගුරුවරයෙකුගේ මූලික වැටුප විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ මූලික වැටුපට සම කිරීමට ද යෝජනා වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් අතර වෙනස සිදුවන්නේ හිමිවන දීමනාවලින් පමණක් වන අතර ඉදිරියේදී අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ උපාධිධාරීන් පමණක් බවයි අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
“තමන්ට හිතූ හිතූ දේ කරන ක්‍රමය අධ්‍යාපන පද්ධතියෙන් වහාම ඉවත් කළ යුතුයි. මෙවැනි පාලනයක් පද්ධතියට අත්‍යවශ්‍යයි…”
රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී අය කෙරෙන ගාස්තු සඳහා නිසි ප්‍රමිතියක් සකස් කිරීමටත්, එම පාසල් පාලනය සඳහා නියාමන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් ඉදිරියේදී කටයුතු යොදා තිබෙනවා.
ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන යන සියලුම වෘත්තීය කාණ්ඩ ආවරණය වන පරිදි ස්ථාපිත කෙරෙන මෙම සභාවේ සභාපතිවරයා පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින්.
අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එය නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.







Leave a Reply