ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධූරය භාරගෙන නැවත පක්ෂයට එකතු වෙන ලෙස දැනුම් දී තිබෙනවා.
පසුගිය බදාදා දයසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවාසෙට ගෙන්වා ඒ මහතා විසින් මෙම ආරාධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ධුරය භාර ගන්නේ නම් දැනට ඔහුට විරුද්ධව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ඉවත් කරගන්නා බවට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම් ධුරය හැර වෙනත් ධුරයක් භාර ගැනීමට තමන් සුදානම් නොමැති සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ මහලේකම් ධුරයට දුෂ්මන්ත මිත්‍රපාල මහතා පත්කර ඇති නිසා ඔහුව එම තනතුරෙන් ඉවත් කළ නොහැකි බවයි.
Leave a Reply