හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඒ 2019 දී සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 22 වනදා මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
කෙසේ නමුත් ඊට පසුදින එනම් පසුගිය 23 වනදා හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ නැවතත් ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ සති 03කට පෙර තමන්ට ලද තොරතුරකට අනුව එම ප්‍රකාශය කළ බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මත පදනම්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඊයේ (24) නියෝග කරනු ලැබුවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 48ක් ඇතුළත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැනුම් දී ඇති බව පොලිස්පතිවරයා ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
Leave a Reply