Loading...

මහින්දගේ PSO ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (02) නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

රුපියල් මිලියන 28කට අධික වටිනාකමින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මහතා මොහු මෙලෙස අත්අඩංගුවට පත් වුණා.

විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසුව එම නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *