හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන් බවට පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් මතයි.
හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ අද (12) උදෑසන 9ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටීමට නියමිත බවයි.
යම් යම් නීතිමය කරුණු පිළිබඳව නීතිඥවරු කණ්ඩායමක් හමුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඔහු සඳහන් කළා.







Leave a Reply