Loading...

හෝමූස් බේරාගන්න මැක්‍රොන් ඉදිරියට එයි

බොරතෙල් ලීටරයක් අපනයනය කරන්න දෙන්නේ නෑ – ඉරාන විප්ලවීය බලකාය

තම රටට එල්ල වන අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් සිදුවන්නේ නම් මැදපෙරදිග කලාපයේ කිසිඳු රටකට බොරතෙල් අපනයනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බව ඉරාන විප්ලවීය හමුදාව පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ මැදපෙරදිග කලාපය ආශ්‍රිතව පවතින යුද තත්ත්වය අවසන් කළ යුත්තේ ඉරානය බවට අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

මේ අනුව තවදුරටත් තම රටට අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වුවහොත් මැදපෙරදිග කලාපයේ බොරතෙල් ලීටරයක්වත් අපනයනය කිරීමට අවස්ථාව හිමි නොවනු ඇති බවද ඉරාන විප්ලවීය බලකාය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


හොමූස් බේරා ගන්න මැක්‍රෝන් පෙරට එයි

හොමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නාවික හමුදා බල ඇණියක් එම කලාපයට යෙදවීමට ප්‍රංශ ජනාධිපති එම්මැනුවෙල් මැක්‍රොන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව මැදපෙරදිග කලාපය වෙත චාල්ස් ඩි ගෝල් ගුවන් යානා නෞකාව යොමු කිරීමට ප්‍රංශ ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව සඳහන්.

ඔහුගේ මෙම පියවරේ මුලික අරමුණ වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සහතික කිරීමයි.

ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පසුගියදා කටයුතු කළා.

එම තීන්දුවෙන් පසුව ලොව බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වුණා.


බලශක්ති අර්බුදයෙන් ගොඩ එන්න තායිලන්තයෙන් විශේෂ තීන්දු රැසක් ගනී

රාජ්‍ය නිලධාරීන්ට බලශක්තිය සුරැකීම සඳහා දැඩි සීමා පැනවීමට තායිලන්තය අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් පියවර ගෙන තිබෙනවා.

ඒ මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති හිඟයට පිළිමයක් ලෙසයි.

මේ අනුව විදේශ සංචාර අත්හිටුවීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම සහ නිවසේ සිට රාජකාරි කිරීම වැනි තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවා සපයන නිලධාරීන් හැර සෙසු පිරිස නිවසේ සිට වැඩ කළ යුතු බවට තායිලන්ත වැසියන්ට දැනුම් දී ඇති බවයි.

තායිලන්තයේ බලශක්ති අමාත්‍යවරයාට අනුව එරට සතුව දින 95කට පමණක් සැහෙන බලශක්ති සංචිතයක් පවතින බව සඳහන් වනවා.

එරට බලශක්ති අවශ්‍යතාවයෙන් 68%ක්ම ස්වභාවික වායුවලින් සපුරා ගනු ලබනවා.

මියන්මාරයෙන් ඉන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන බවයි වාර්තා වන්නේ.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල්වලින් LNG වායු ලබා ගැනීමට තායිලන්තය උත්සාහ කරමින් සිටින බව සඳහන්.

මෙම තත්ත්වය උග්‍ර වුවහොත් වෙළෙඳසැල් සහ සිනමාහල්වල දැන්වීම් පුවරුවල ආලෝකය අඩු කිරීම සහ රාත්‍රී 10 වන විට පිරවුම්හල් වසා දැමීම වැනි අනිවාර්ය නීති පැනවීමට රජය සලකා බලමින් සිටින බව සඳහන්.

තවද පොදු ප්‍රවාහනය සහ රථවාහන හවුලේ භාවිත කිරීමෙන් ඉන්ධන පිරිමසා ගැනීමට සහාය වන ලෙස එරට රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


ඉරාන පිපිරීම්වලින් විදුලි පද්ධතියට හානි

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ඒ අසල පිහිටි Alborz හි ඊයේ (09) රාත්‍රී සිදුවූ පිපිරීම් හේතුවෙන් විදුලිබල පද්ධතියේ කොටස් කිහිපයකට හානි සිදුව තිබෙනවා.

එරට ජාතික බලශක්ති සමාගම වන Tavanir මේ බව BBC පුවත් සේවය වෙත තහවුරු කර ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරාත්මක පිපිරීම් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයන් පිරිසකට තාවකාලික විදුලි බිඳවැටීම්වලට මුහුණ දීමට සිදුව බව එම සමඟ මෙහිදී පවසා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ තාක්ෂණික කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී පැය දෙකකට අඩු කාලයකදී විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සමත් වූ බවයි.

අදාළ පළාත් දෙකේ පදිංචිකරුවන් BBC පුවත් සේවය අමතමින් තමන් පවතින තත්ත්වය හමුවේ විදුලිය විසන්ධි වීම්වලට මුහුණ දුන් බව පවසා තිබූ බව ඔවුන් වාර්තා කර තිබුණා.


ඉරානයට දිගු කාලීන යුද්ධයක් කරන්න පුළුවන් – විදේශ ප්‍රතිපත්ති උපදේශක

ඉරානයට දීර්ඝ කාලයක් යුද්ධ කරගෙන යාමට හැකි බව නව උත්තරීතර නායකයාගේ කාර්යාලයේ විදේශ ප්‍රතිපත්ති උපදේශක කමල් කරසි අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඉරානයේ ටෙහෙරානයේ දී CNN විදෙස් ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

ඉරානයට දිගු කාලයක් යුද්ධය දිර්ඝ කාලයක් කරගෙන යා හැකි බවත් තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉඩක් නොමැති බවත් කමල් කරසි පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *