2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පස්වරුවේ දී නිමා වුණා.
මෙවර වෙන්දේසියේ දී මහනුවර හා කොළඹ යන කණ්ඩායම් හැරුණු විට සෙසු සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් 24 දෙනා බැඟින් ඔවුන්ගේ සංචිතයට මිලදී ගැනීමට කටයුතු කළා.
මහනුවර කණ්ඩායම ක්‍රීඩකයින් 22 ක් හා කොළඹ කණ්ඩායම ක්‍රීඩකයින් 20 ක් සිය සංචිතවලට මිලදී ගනු ලැබුවා.
මෙම සියලු සංචිතයටම විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් බැඟින් ඇතුළත් වනවා.
තවද මේ වසරේ ක්‍රීඩක වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලක් වියදම් කිරීමට අවස්ථාව ලබාදී තිබුණා.
මේ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඩොලර් 490,000 ක් ද, දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම ඩොලර් 450,000 ක් ද, කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඩොලර් 500,000 ක්ද, බී ලව් කැන්ඩි කණ්ඩායම ඩොලර් 499,000 ක් ද, ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඩොලර් 496,000 ක් ද වෙන්දේසියේ දී වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගනු ලැබුවා.
මෙවර තරඟාවලියේ සියලු සංචිත පහතින්,
Leave a Reply