රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ සිය සැමියා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බැවින් ඔහුට ප්‍රතිකාර ලබාදෙන බව තමන්ට සහ දරුවාට සිය සැමියා දුර සිට දැකීමට අවසර ලබාදී ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබාදෙන ලෙසද ඇය එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.
එමඟින් සිය සැමියාට මාරාන්තික උපවාසය අත්හැරීමට පෙළඹවීමට උපකාරී වනු ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බවත් ඇය අදාළ ලිපියේ සඳහන් කර ඇත.







Leave a Reply