රටට යහපත් දේශපාලනයක අවශ්‍යතාව පවතින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.
වත්මනයේ දී පවතින දේශපාලන ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවයි ඒ මහතා මෙහිදී කියා සිටියේ.
“අපේ රටේ දේශපාලනය ගැනයි, දේශපාලකයෝ ගැනයි ජනතාවට තියෙන්නේ අප්‍රසන්න බවක් වගේම පිළිකුලක්.
ඉස්සර දශක හතරක් පහකට කලින් මන්ත්‍රීවරුන්ට ගරුකළා. සමාජ මාධ්‍ය ආවා. ෆේස්බුක් එන්න පටන් ගත්තා. ඒ අයගේ කතා වෙනදාට වඩා එළියට එන්න පටන් ගත්තා. පාර්ලිමේන්තුවේ ගහන ඒවා පේන්න පටන්ගත්තා.
පාර්ලිමේන්තුවේ එහෙට පනිනවා මෙහෙට පනිනවා පේන්න පටන් ගත්තා. ජනතාවට මොකද වුණේ වෙනදාට වඩා මේක පේන්න පටන් ගත්තා.
එහෙම පටන් ගත්තාට පස්සේ ජනතාවට අපේ රටේ දේශපාලනය සහ දේශපාලකයා පිළිබඳවත් අප්ප්‍රසන්නභාවයක් ආවා. හැබැයි අපි හරියට තේරුම් ගන්න ඕනේ දේශපාලනය ප්‍රතික්ෂේප කරලා හරියන්නේ නැහැ. දේශපාලනයෙන් ඈත්වෙලා හරියන්නේ නැහැ.
ඇයි ඕනෑම රටක් ගොඩ නන්වන්න ඒ රටට දේශපාලන මඟපෙන්වීමක් ඕනේ. ඒ නිසා දේශපාලනය තිත්ත වුණාට එහෙම අත්හරින්න බැහැ. ඇයි දේශපාලනය ඕනේ රට හන්න. එහෙනම් ඕනේ මොන දේශපාලනයද ?
මේ කැත දේශපාලනය වෙනුවට රටට යහපත් දේශපාලනයක් ඕනේ. අන්න ජාතික ජනබලවේග ආණ්ඩුව නිර්මාණය කරන්නේ කැත පරණ දේශපාලනය වෙනුවට යහපත් දේශපාලනයක්.”








Leave a Reply