Loading...

යළිත් වරක් වරදින්නේ නැති ආණ්ඩුවක් හදමු

යළි වතාවක් වැරදි සිදු නොවන පොදුජන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සියළු දෙනා එක්වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දෙහිඅත්තකන්ඩියේ පැවති ගොවි ජනරැළිය අමතමින්.

විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත් වුවන් තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක බවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ මේ නිසා මෙවර මෙතෙක් කලදේ නොකර නිවැරදි දේ පමණක් සිදු කිරීමට ජනතාවට කාලය එළැඹ වී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *