Loading...

නව විදුලි සමාගම් 4 ගැන ආ අලුත්ම ආරංචිය 

නව විදුලිබල පනතෙන් ස්ථාපිත වූ සමාගම් 4හි අධ්‍යක්ෂ මණ්ඩල පත්කර තිබෙනවා.

අදාළ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විතයි.

විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ මේ අනුව නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත් කළ බවයි.

ඒ සඳහා සභාපතිවරුන් පත් කිරීම එළැඹෙන සතිය ඇතුළත සිදුකිරීමට නියමිතයි.

විදුලිබල මණ්ඩල සේවකයින්ට තම කැමැත්ත අදාළ සමාගම්වලට අනියුක්ත වීම සඳහා ලබන මස 27 වනදා දක්වා අවස්ථාව පවතින බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 4කට ප්‍රතිව්‍යුහගත කර ඇති අතර ඒ අනුව ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බව සඳහන්.

මෙලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැනීමේ හැකියාව පවතිනවා.

කෙසේ වෙතත් විදුලි වෘත්තීය සමිති ගණනාවක් තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතව සිටින්නේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගත ක්‍රියාවලියේදී තමන්ට හිමිවිය යුතු දීමනා ඇතුළු ප්‍රතිලාභ තහවුරු කරන්නැයි ඉල්ලමිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *